ඔන්න අද තමා සයිට් එක ගැන geekලට කියන්නෙ... :-h
![image]()
හැමෝටම ලියාපදිංචි වෙන්න කියල ආරාධනා කරනවා. @chanux අයියා නම් සයිට් එක හද හදා ඉන්න දවස් වලම register වුණා. ඇත්තටම සයිට් එක පටන් ගත්තෙ 2011 දී. එතකොට මම හිතන්නේ geek.lk එකත් හදමින්ද කොහෙද තිබ්බෙ. ඉස්කෝලෙ වැඩත් එක්ක හිමින් හිමින් හදාගත්තෙ.
ඉස්කෝලෙ 10 වසරෙදි IT වලට, රටේ ග්‍රාමීය ප්‍රදේශවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසිලෙස ගලානොයෑමට හේතු ලෙස මෙන්න මෙහෙම කරුණු වගයක් ඉගැන්නුවා.
1.ඉංග්‍රීසි දැනුමෙහි අඩුපාඩු
2.පරිගණක වල අධික මිල
3.අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට යෙදිය යුතු මූලික පිරිවැයහි වැඩිබව.
4.මෙම තාක්ෂණයට මිනිසුන්ගේ ඇති බිය.
5.ග්‍රාමීය ප්‍රදේශවල ICT දැනුමෙහි පුද්ගලයන්ගේ අඩුව. (හිඟය)
6.උගත් පිරිස් නගරයට සංක්‍රමණය.
7.නඩත්තු හා සේවා පහසුකම් ලබාගැනීමේ අපහසුතා.
8.ස්වදේශීය භාෂාවලින් තොරතුරු ලබාගැනීමට නොහැකිවීම.
මම දකින විදිහට මේවාගෙන් ගොඩක් ගැටළු මේ වෙනකොට අඩු වෙමින් පවතිනවා. දැන් එක එක internet packages ඇවිල්ලා තියෙනවා. අඩුවට ගන්න පුළුවන් විදිහට. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි, මෘදුකාංග සිංහල භාෂවෙන් ද නිර්මාණය වෙන්න පටන් අරන් තියෙනවා. අපි දැන් මේ ඉන්න geek.lk එකත් ඒකට හොඳම උදාහරණයක්. සිංහල භාෂාවෙන්ම හදලා තියෙනවා, ඕනෙම කෙනෙකුට computer පාවිච්චි කරද්දි ඇතිවෙන ප්‍රශ්න විසඳගන්න උදව් වෙනවා. ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුව සඳහා විශාල සේවයක් කරන්න පුළුවන් වෙබ් අඩවියක් තමා මේ geek.lk එක. ඉහතින් සඳහන් කරලා තියෙන 8 වෙනි කරුණ මඟහරවන්න blog ලියන කට්ටියත් විශාල සේවයක් සපයනවා. කතා කරා වැඩිද මන්දා.... 8-|
ඉතින් ඔය කරුණු ඉස්කෝලේ ඉගැන්නුවට පස්සේ මට හිතුණා facebook එකත් සිංහලෙන් තිබ්බා නම් කියලා... මම ඉතින් එහෙම එකක් හෙව්වා හැබැයි හම්බවුනේ නෑ. ඊට පස්සේ තමයි මට හිතුනේ එහෙම එකක් හදන්න පුළුවන් නම් කියලා... ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසෙ මෙහෙම එකක් යාන්තම් හදාගත්තා. ඔයාලත් register වෙලා නෑ ලියාපදිංචි වෙලා අඩුපාඩු එහෙම තියෙයිද කියලා කියන්නකො.... :-c
මේක තමයි වෙබ් ලිපිනය - www.sathuta.info