Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

Forex, Google Adsense අන්තර්ජාලයේ මුදල්

$
0
0
හිතුනා අන්තර්ජාලයේ මුදල් සොයන්න වෙහෙසෙන යාලුවන්ට මගේ අත්දැකීමෙන් යමක් පහදලා දෙන්න. හැමෝම කැමතියිනේද බොහොම ලෙහෙසියෙන් සල්ලි ගොඩක් හොයාගන්න නේද? ඉතින් මට කියන්න තියෙන්නේ මගේ අද්දැකීම් අනුවනම් ලෙහෙසියෙන් හොයා ගන්නනම් පුළුවන් වෙන්නේ පොඩි මුදලක් තමයි. ලොකු මුදලක් කියලා මම අදහස් කරන්නේ අඩුමගානේ රුපියල් 50,000/=ක්වත් (ඩොලර් 400ක්වත්) හොයා ගන්නවටයි.

ඉතින් අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම අතර ප්‍රමුක ස්ථානයේ තියෙන ප්‍රධාන ක්‍රම දෙකක් විතරක් මම මෙහිදී පහදන්නම්. ඒ ක්‍රම 2 තමයි Forex සහ Adsense යන ක්‍රම 2. ඉතින් මගේ අද්දැකීම් අනුවනම් මම මේ ක්‍රම 2න් වඩාත්ම හොඳ ක්‍රමය විදහට අනුමත කරන්නේ Adsense. මෙහෙම කියද්දී sure එකටම forex කරන කට්ටිය කියයි මූට පිස්සු කියලා.

ඇතෙන්ම කියන්න ඕනා Forex කියන්නේ සම්භාවිතාවය අනුව සිදුවෙන දෙයක්. ඒ කියන්නේ හරියට කාසියක් උඩ දාලා head & tail, එහෙමත් නැත්නම් නෝනා සහ පොල්ල තීරණය කරනවා වගේ වැඩක්. නමුත් කාලයත් එක්ක අද්දැකීම් ලබපු කෙනෙකුටනම් ටිකක් වැඩිපුර නිවැරදිව forex සිදුකිරීමට හැකියාව ලැබෙනවා. කොහොම වුනත් forex කියන එක ගැන දැඩි විශ්වාශයකින් බලාපොරොත්තු තියාගෙන මුදල් සොයන එකනම් ලෙහෙසි වැඩක් නෙමේ. ඉතින් එහෙම බලද්දී adsense කියන්නේ වඩාත් සාර්ථක මුදල් සෙවීමේ ක්‍රමයක්.

එහෙම කියන්නේ මම forex කරන කාලේදි මගේ දවසේ කාලය, 3න් ගුණයක් (පැය 6ක්) forex වලට වැය කරලා හොයන මුදලට සාපේක්‍ෂව 1ක් ගුණයකින් (පැය 2ක්) Adsense සඳහා යොදවලා මම සොයාගන්න මුදල දෙගුණයක්. හැබැයි ඒ සඳහා මුලදි ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ කියන්නේ forex කරනකොටනම් පටන් ගත්තු දවසේ ඉඳලම ලාභ පාඩු ලැබෙනනෙ නේද? නමුත් Adsense වලදිනම් ඔබේ වෙබ්-අඩවිය ප්‍රසිද්ධ කරගන්න, වැඩිපුර මිනිසුන් ගෙන්න ගන්න කාලය අවශ්‍යයි. එහෙම වුනාම මුලසිටම ආදායම් ලබන්න ලෙහෙසි නැහැ. හැබැයි ඕන් බැරිත් නැහැ.

එහෙම කියන්නේ අර forex වලට මුලදි මුදල් වැය කරලා ආරම්භ කරන අය එම මුදලෙන් Adsense කෙරනවානම් වෙනත් ප්‍රසිද්ධ වෙබ්-අඩවියක මුදල් ගෙවා වෙළඳ දැන්වීම් දැමීමෙන් visits & page-views ලබාගෙන ඒ හරහා මාසිකව යම් විශ්වාශනීය මුදලක් මාසිකව උපයා ගැනීමට සමත් වෙනවා. ඊට අමතරව Facebook, Tweet වැනි social media හරහාත් නොමිලේම තමන්ගේ වෙබ්-අඩවියට මිනිසුන් ගෙන්වා ගත හැකියි. වැදගත්ම දේ තමයි අපි මුලින්ම වෙබ්-අඩවියක් ආරාම්භ කිරීමේදී කල යුත්තේ හැමෝම නොකරන, නමුත් හැමෝටම ඕනෑ කරන, හැමෝම ආසකරන දේවල් අඩංගු වෙබ්-අඩවියක් නිර්මාණය කරගැනීමයි. ඒ වගේම වැදගත් තවත් දෙයක් තමයි අපි උත්සහ කල යුත්තේ Adsense සේවා අතර හොඳින්ම ගෙවීම් කරන Google සමාගමේ කැමැත්ත අනුව වෙබ්-අඩවිය නිර්මාණය කිරීම.

බොහොමයක් අපේ ඈයෝ මෝඩ කමට කියන දෙයක් තමයි අනේ අපි වෙබ්-අඩවි නිර්මාණය කරන්න දන්නැහැනේ, ඕවට ගොඩක් මුදල් යනවනේ කියන මෝඩ කතාව. හැබැයි ඒ අය forex වගේ සංකීර්ණ දේවල් කරන්නනම් ඕන තරම් දේවල් කරන්න, මහන්සි වෙන්න කිසම විදිහකින් පසුබට වෙන්නැහැ. එකෙන් අදහස් කරන්නෙ ඕනෙම දෙයක සාර්ථකත්වය රඳා පවතින්නේ තමන්ගේ අවශ්‍යතාවය සහ කැපවීම මත කියන එක.

ඒ වගේම තමයි අද වෙනවිට අන්තර්ජාලය හරහා ඕනෙම දෙයක් පහසුවෙන් නොමිලේම ඉගෙන ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ සඳහා Youtube Video සහ වෙනත් Tutorial වෙබ්-අඩවි, Forum වගේ වෙබ්-අඩවිත් ඕනේ තරම් තියෙනවා. නොමිලේම වෙබ්-අඩවි සාදා ගැනීමට ගොඩක් සේවාවනුත් තියෙනවා. ඒ සඳහා උදාහරණ විදිහට Google Blogger සේවාව ඉතාම හොඳ එකක්. මෙමගින් සතයක්වත් නැතිව තමන්ටම වෙබ්-අඩවියක් සාදාගැනීමට අවස්තාව තියෙනවා. හැබැයි තියෙන එකම ගැටලුව තමයි Google Adsense, Google Blogger වෙබ්-අඩවියක් සමඟ පවත්වා ගෙන යෑමට අපේ සිංහල Unicode ක්‍රමය සඳහා අවසර නොලැබෙන එක. ඒ සඳහා සිංහල Font ක්‍රමය ගැටළුවක් නොවේ. පළපුරුදු අයනම් Unicode සමගත් Adsense යොදාගන්නවා. නමුත් එහි පැවැත්මනම් බොහොම තාවකාලිකයි.

මම දන්නා තරමින් ලංකාවේ සමහර අපේ ඈයෝ Adsense වලින් මාසෙකට රුපියල් ලක්ෂ 4ක් 5ක් හොයාගන්න අයත් ඉන්නවා. ඒ අය අතරෙ මමත් දෙකාහමාරක් 3ක් විතර හොයනවා. (හැබැයි මේක කිව්වා කියලා මට Private Messege හෝගාලා එවන්න නම් එපා ඕන්.) අනිත් වැදගත්ම දේ තමයි මෝඩකමට මුලදි ලොකූ දෙයක් කරන්න ගිහින් මේවා තමන්ටම එපා කරගන්න එක කරන්න හොඳ නැහැ. තවත් දෙයක් කරන ගමන් පැත්තකින් පොඩියට හිමින් හිමින් දියුණු කරගනිමින් Adsense කරගෙන ගියාම හොඳ ස්ථාවරත්වයකට ආවම එදාට ඒකට මුල්තැන දීලා අනිත් දේවල් අත්හැරලා දැම්ම හැකියි.

ඉතින් මේගැන හොඳින් තේරුම් ගත්තොත් සැබෑ වාසිය ලැබෙන්නේ ඔයාලට මිසක් මට නෙමේ. එහින්දා Geek එකේ හැමෝම එකතුවෙලා මේගැන අදහස් උදහස් හුවමාරු කරගෙන සාර්ථක වෙන්න උත්සහ ගනිමු. අනිත් අය සමඟ කතා කිරීමෙන් තමන්ට නොපෙනෙන පැති දැකීමට, නොදන්නා දේවල් දැනගැනීමට, අලුත් දේවල් දැනගැනීමට, වැරදි නිවැරදි කරගැනීමට තියෙන අවස්තාව බොහොමයි.

Adsense ගිණුමක් සාදාගැනීම හිතන තරම් ලේසි දෙයක් නෙමේ. ඊට කලින් හොඳ වෙබ්-අඩවියක් හදාගෙන ඉමුකො නේද? පස්සේ අපේ යාළුවො කියලා දෙයි Adsense ගිණුමක් හදාගන්න හැටි. එහෙම නැතිවුනොත් මමම කියලා දෙන්නම්. ගොඩක් ලිව්වනේ දැනට නතර වෙන්නම්. නැත්තන් මගෙ ඔලුව upset වෙයි.

මම කරුණාවෙන් ඉල්ලනවා හැම දේකම කුණු හොයන අයට මේවට ඔලමොට්ටල comments නොදා මේකෙන් ඉවත්ව ඉන්න කියලා. මොකද මම මේවා ලිව්වේ එයාලට නෙමේ, ආදුනිකයන්ටයි. ඒ අය මේකෙන් ප්‍රයෝජනයක් ගනියි.

එහෙමනම් හැමෝටම වාසනාවන්ත දියුණුවෙන් දියුණුවට ගිය හැකි සුභම සුභ, අලුත් අව්රුද්දක් වේවා! :)

Google Blogger වෙබ්-අඩවියක් සාදාගන්න එක විදිහක්.
https://www.youtube.com/embed/pcX8Sn-g8ms?list=PLs9L22M2nlnngesvC5Zv0yu2oGNRtDfoN

http://geek.lk/discussion/28299/ඔයාගේම-කියලා-වෙබ්-අඩවියක්-නිර්මාණය-කරන්න-දැන්ම-පටන්ගන්න#latest

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>